Rafflesia - Instrumental Version

නෙත ගැටුනු සියල්ල සුන්දර නොවේ
නුඹ දකිනා ලෝකයේ
රස තැන් සෙව්වා ද ජීවිතේ
ඒකාකාරී රාමුවේ

දුටුවේ මා - නුඹගේ මුවගට නැගෙනා
ව්යාජ වූ ඒ සිනහා - සමුදායේ
මං මාවත් නොතකා - හිස් අවකාශේ සරනා
කුමරියක ශෝභා - දසුනක් වේ

නුඹ සෙල්ලක්කාර කමට හිතෙන් ලොල් වුණු
රූපෙන් හැඩකාර ලඳකි හෙම්බත් වුණු
රත් වුණු - ආර්ථිකේ පිරිහුණු
පවුලේ බඩපිස්සී ෆැන්ටසියක හිරවුණු
උඩින් උඩවැඩියා යටට රැෆ්ලේසියා
නුඹේ රඟමඬල වුනේම සෝෂල් මීඩියා
සුන්දර කාල ඇගෙ ළඟ සුන් වී ගියා
හිනා වුණා කට කොනින් හෝටලේ කෝකියා
සංකර නැටුමක් නැටුවා - මන්දිර තැනුනා නුඹට
ඩැහැ ගන්න ගිජු ලිහිණියෝ පිරිවරාගෙන
පැත්තක ඉඳන් ඉන්නෙ මම - ඇස් දෙක ඇරන් විපරම
වෙන්වෙන මායිම දැක්කම අයියලා මූනට මූන බලාගෙන
තියන්න ඕනෙ අඩිය පරතරෙ දැනගෙන පඩිය
නුඹට කියා දෙන්න කවුරුත් නැතුවැති
යටින් දුවන් යන රියැලිටිය (ඒත්)
රැක ගන්න නුඹෙ පතිවත, හැඳි වත ගලවන්න
බලාගෙන ඉන්න උන්ගෙන් ගැලවිලා යන්න
හනි හනිකට එන්න මහ පොළොවට වහාම!



Credits
Writer(s): Lakshitha Mihiran
Lyrics powered by www.musixmatch.com

Link