Young Niwan (feat. Madhuka Kulasinghe)

මානසික ආවේග ම මතම පදනම් ධර්ම
දෙපසට වැනෙන සිත කරන දස කර්ම
හොයන්නෙ තොපි ගණ අඳුර අතරෙ සුඛ පරම
පතන්නෙ උදේ හවා බුදුන් දකින කල්ම වරම

මෙතේ බුදුන් දකින හිතේ ගින්දරෙන් හිස බරයි
අතරමග දිව්ය ලෝකෙ යන්න කෙළ හලයි
හිතන් භව සැප වෙන්න බරට පින දොවයි
ඔය පාරෙ ගියොතින් අම්මෙ නිවං දුරයි

මාසෙට දවසක් රටේම සීලෙ සමාදන් වෙති සුදු රෙදි
රෙද්දට සිල් දී ජාතක කතා අහන් සැපට බුදි
පැක්කර ගත්ත පිං මග වියදමට පේළි සැදි
පවුකාර සිත පෝයට විතරක් බොරුවට නිදි

කෝ නිවනක් ගැන කියැවෙන බණ
කෝ වචන කුසලට යොමු කරන දන මන
දෙපැත්තට වැනි වැනි යන හිත මැද්දට ගෙන
පින පවනම් නොව කුසලෙයි හරි තැන

තණ්හාව නමැති ගේ හදන වඩු නැසූ
සමිඳු අතැඹුල සේම දෙසූ
භව දුකට නැවතුම නිසැක දහම ශුද්ධ ලෙසින් කන ඇසූ
පියවර පිළිවෙළට මැසූ
අරි අටඟ මගටම හසු වූ
පිරිස දහස් ගණන් නිවන් ගියා බං එකල විසූ අද කෝ

කෝ නිවනක් ගැන කියැවෙන බණ
කෝ වචන කුසලට යොමු කරන දන මන
දෙපැත්තට වැනි වැනි යන හිත මැද්දට ගෙන
පින පවනම් නොව කුසලෙයි හරි තැන

සුදු ඇන්දට බං නෑ වෙන්නේ සෝවාන් සකදගාමි
සීලෙ බින්දට වෙන්නෑ නියතව අපතගාමි
ඇත්තට ඇති සැටියෙන් සොබා දහම රස කාමි
ඒක ගින්දර වාගේ වින්ද ඇත්තො සාමකාමි

පිටින් හිනාවෙලා නෑ තේරුමක් ඇතුළෙන් රවාන්
කතා කරපන් නිති හැර කැත ගති දාල වාන්
කට වහන් හිතින් එපා යන්ඩ හතරවරාන්
ආවේග හංගා රඟන්නෙපා පපුව දවාන්

රැස් කර පිං පතන තාවකාලික භව සැප
නෙවෙයි බුද්ධ දේශනාව ඒ ගැනම තමයි කියන්නෙ මේ රැප
ගලවගනින් උඹෙ කැප

කෝ නිවනක් ගැන කියැවෙන බණ
කෝ වචන කුසලට යොමු කරන දන මන
දෙපැත්තට වැනි වැනි යන හිත මැද්දට ගෙන
පින පවනම් නොව කුසලෙයි හරි තැන

ලෝකේ ගන්නට කිසි දෙයක් නැහැ
ඔක්කොටම හිතින් වටිනකම් දුන්නට වැඩක් නැහැ
ලස්සන කියා නැත්තං කිසි එකක් කැතත් නෑ
එකම කාසියෙ දෙපැත්ත මිසක ලොවක් නෑ

තමන් විසින් තම හිත ගැනම හොයන් යන පාර
තමා දෙසු මග මුණිඳු ශ්රී මුඛෙන් සාර
සරා භව කතර මරා දුක මාර
ගෙවා ආ මග නොනිම් වැරදි වාර

විශ්වෙ හැම බෙදීමක්ම සම්මත
ඒව හිත ඇතුළෙම හදාගත්ත ගොං මත
දිව්ය ලෝකෙ පට්ට ගති උනත් පිංවත
නිවන් සැප ඉදිරිපිට ඒකත් නින්දිත

කෝ නිවනක් ගැන කියැවෙන බණ
කෝ වචන කුසලට යොමු කරන දන මන
දෙපැත්තට වැනි වැනි යන හිත මැද්දට ගෙන
පින පවනම් නොව කුසලෙයි හරි තැන

කෝ නිවනක් ගැන කියැවෙන බණ
කෝ වචන කුසලට යොමු කරන දන මන
දෙපැත්තට වැනි වැනි යන හිත මැද්දට ගෙන
පින පවනම් නොව කුසලෙයි හරි තැන



Credits
Writer(s): Supun Tharaka
Lyrics powered by www.musixmatch.com

Link