Eka RanakSe (feat. Supun Wijethunge)

අත්වැල් බැඳන් එක රෑනක් සේ
මේ සිංහ ලෝකයේ
ඉදිරිය බලා එක පවුරක් සේ
විදු මව් ඔබ තුරුලේ

ජීවිතය පුරා
අභිමාණයෙන්
සිහ නාද පතුරමින්
මුලු ලොව දිනා
සිහ රාවේ රැව් දෙන්නා

රන් නීල තේජ ධජ
වී ආලෝකය
බිඳ හැර බාධක
නොබියව සැමකල
මව්නි ඔබේ ඒ රැඳි ගෞරව බල
රකිමී සදා

එක රෑනක් සේ
සිහ නඳ රැව්දේ
මා හද පතුලේ
ඔබේ නම රැව්දේ

යුගයෙන් යුගයේ
විදු මව් මාගේ
මුලු ලෝ තලයේ
අද වැජබෙන්නේ

ඔබගේ සෙවනේ අකුරු කියා
දෙපයින් සිටගමි ලොව සනහා
හෘදේ නවතින තුරු සසරේ
සදා ණයගැතියි මව්නි ඔබට මා

රන් නිල් කොඩි යට මා ලැබු ජීවය
තුති මල් පුදදී රකිනෙමි සදහට
අනසක පතුරන සිහ අභිමාණය
වෙන් නෑ දෙවනිය ප්රථමය වී අප

සිහ අභිමාණය හිනිපෙත්තෙම අද
ජයගමි ලෝකය ඔබ වී ශක්තිය
නිම්නැති මතකය අපේ පුරාණය
සිහ නද පුතුවී අවදි කරමි අද.

නොම නවතිනු බාධක ඇතත් අත ලඟ
සිහ රුහිරේ ඇත විදු සිසු කැළ තුල
ඔබ දුන් සෙනෙහස මා හදවත තුල
රකිනෙමි මම අද ඔබ වී ලෝකය

දස අත ගරුසරු ඇති මේ විදු බිමේ
ගුරු හරුකම් මැද ගලා ගිය ජීවිතේ
අත්වැල් බැඳගෙන අභිමණ් මව් කුසේ
ජයගමි හෙට ලොව රැව් පිලි රැව් මැදේ

අත්වැල් බැඳන් එක රෑනක් සේ
මේ සිංහ ලෝකයේ
ඉදිරිය බලා එක පවුරක් සේ
විදු මව් ඔබ තුරුලේ

ජීවිතය පුරා
අභිමාණයෙන්
සිහ නාද පතුරමින්
මුලු ලොව දිනා
සිහ රාවේ රැව් දෙන්නා



Credits
Writer(s): Shehan Devinda
Lyrics powered by www.musixmatch.com

Link