Priyadari

ප්රිය සෙනෙහේ පුදා
සනසන්නම් හොවා
සත් ස්වරයෙන් ලියා
ඔබව ගයනෙමි ප්රිය ආදරියේ

මුතු පදවැල් ගොතා
රූ අමුණා නුරා
වීණාවෙන් මවා
ඔබව ගයනෙමි ප්රිය ආදරියේ
මා ළඳේ

චන්ද්ර ආලෙන් පුදා
ප්රභාවන් මවා ප්රියාදරී
හෘද සිහිනේ රටා
පෑ ප්රේමේ ප්රියාදරී
ආල කිඳුරී ශෝභා රූ
නුරාවන් සුපෙම්
රූ සිහිනේ සිත්තම් වූ ප්රියාදරී
සුබ පැතුමක් වන් ළඳේ ප්රියාදරී

සිහිනයක්දෝ ළඳේ
භාවනාවක් වගේ
ආල කිඳුරී මගේ
තව ඈතයි සඳේ
පිණි සීතයි හදේ
පාන සෙනෙහේ අගේ
සිහිනෙන් ඇවිදින් ළංවී ප්රියාදරී
මගේ දිවියේ කිවිඳියයි ප්රියාදරී

චන්ද්ර ආලෙන් පුදා
ප්රභාවන් මවා ප්රියාදරී
හෘද සිහිනේ රටා
පෑ ප්රේමේ ප්රියාදරී
ආල කිඳුරී ශෝභා රූ
නුරාවන් සුපෙම්
රූ සිහිනේ සිත්තම් වූ ප්රියාදරී
සුබ පැතුමක් වන් ළඳේ ප්රියාදරී



Credits
Writer(s): Agra Ranasinghe
Lyrics powered by www.musixmatch.com

Link