Anagarika Dharmapala

අනගාරික ධර්මපාල ශ්රී නාමය සිහි කරන්න
තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න//
බුද්ධ භූමියට බුදු හිමි ගෙනගිය පින්වතානෝය
මූලගන්ධ කුටිය මතින් පෑ වූ පුන් සඳාණෝය
රට රට වල මහ මුණි බණ පල කල දූතයාණෝය
මහාබෝධි සෙවනේ මතු බුදුවන බෝධිසතාණෝය

අනගාරික ධර්මපාල ශ්රී නාමය සිහි කරන්න
තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න
සිංහල ගොං තඩියංගේ මොල සේදු වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරදානෝය
සංකර සිරිතට එරෙහිව හඩදුන් කතිකයානෝය
මතුමත සිරිලක ඉපදීය යුතුයුග පුරුෂයාණෝය

අනගාරික ධර්මපාල ශ්රී නාමය සිහි කරන්න
තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link