Mage Sanda Oba

මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ...

එදා මට ඔබ සරා සඳ විය.
කවි ඇසින් දුටු සොඳුරු පියකරු.
අඳුරු හද ගැබ එකලු කරමින්.
උදාවිය ගිරි ශිඛර සිරසේ...

මගේ සඳ ඔබ...

මෙදා මට ඔබ සැබෑ සඳමය.
විදු ඇසින් දුටු ලොවය විසකුරු.
ප්රාණයෙන් තොර වියලි සඳසේ.
ඔබද අදමා අසල ගැවසේ...

මගේ සඳ ඔබ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link