Rata Karavanta Nam

රට කරවන්න නම්...
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතරවටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ

දළඳා මැඳුර අධිකව මිලකල හැකිය.
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය.
කළුගල් වලට විකුණාගෙන සීගිරිය...
සීගිරි කුරුටුගී බයිලා කලහැකිය.
රට කරවන්න නම්...
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතරවටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ

හෝර්ටන් තැන්න දී ක්රීඩා පිටියකට.
පවරා සිංහරාජය ලී මෝලකට.
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට.
සමනළ කන්ද බඳුදෙමු හෝටලයකට.

රට කරවන්න නම්...
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතරවටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link