Mama Sil Bida Gaththe

මම සිල් බිඳ ගත්තෙ
මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ
අහුවුනා වාගෙ සුසුමක් නිසා

මම සිල් බිඳ ගත්තෙ
මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ
අහුවුනා වාගෙ සුසුමක් නිසා

තහනම් ප්රේමෙන් දුක් වින්දෙ මා නම්
බහ දුන් නාමෙන් තනිවෙන්නෙ මා නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුනා උණු කඳුළැල් නෙතඟින්

මම සිල් බිඳ ගත්තෙ
මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ
අහුවුනා වාගෙ සුසුමක් නිසා

කහ ඉර පැනගත්ත කප්පිත්තෙකුට මා පෙම්කලා
කල කම් පල දුන්නෙ ඒ තටු මත්තේ මා සැතපුනා

ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොලඟින් උණුසුමින්
ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොලඟින් උණුසුමින්
හිත පතුලේ මට පැලවෙන්න නම්
ඔය වාගෙ චපල කම් තව එපා...

මම සිල් බිඳ ගත්තෙ
මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ
අහුවුනා වාගෙ සුසුමක් නිසා
ආ...



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link