Manaloli Manamaliye

මනලෝලී මනමාළියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ
දැවටි ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සන්සාරයේ
එක්වීලා අතිනත්වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ

මුවමදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉගියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී
පුන්සද වාගේ
පායාලා මාගේ ලොවේ

මනලෝලී මනමාළියේ...

ඇයිදෝ නොහැගේ
ළෙන්ගතු වූයේ
ඔබ මා ළං වීලා මෙසේ
ලතැවුල් ජීවේ
සන්සිද වූයේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුවගේනා සුවඳක්වාගේ
පාවේවී මාගේ ලොවේ

මනලෝලී මනමාළියේ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link