Osari Potin

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ රිදී පොටින් අදින්නෙපා තරු
දෙපොටයි කැඩෙන්නේ මූණට මගෙ එබෙන්නෙපා හඳ
එළියයි නිවෙන්නේ හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ
පෙතං කැලේ වළිකුකුළෝ මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා
පට සළු පිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිළෙනවා
ගමේකමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා



Credits
Writer(s): Lucian Bulathsinghala, Gunadasa Kapuge
Lyrics powered by www.musixmatch.com

Link