Sihinen Oba Mata

සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ
අතපැන් වත්කර
ඔබ කැඳවා යන්නම්
නැති නම් තනි වෙන්නම්.

ඔබ කැඳවා යන්නම්
නැති නම් තනි වෙන්නම්.
ජීවනේ ගමනේ බාධක දුක සැප
එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ

තනියට ලඟ ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්.
තනියට ලඟ ඉන්නම්
නැති නම් තනි වෙන්නම්.

සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්



Credits
Writer(s): Milton Mallawaarachchi, K.d.k. Dharmawardhane, Somapala Rathnayake
Lyrics powered by www.musixmatch.com

Link