Dedunne Pata Godai

දේදුන්නේ පාට ගොඩයි
හරිම ලස්සනයි - හරිම ලස්සනයි
අඩකවයට පායන හැටි
බලන්න ආසයි - බලන්න ආසයි
හිටිහැටියෙම විසිරෙනකොට
හිතට හරි දුකයි - හිතට හරි දුකයි

මල් පිබිදෙයි - නන් පැහැයයි
දසත සුවඳ දෙයි
මඳ සුළඟේ - සෙළවි සෙළවි
අපට අඬගසයි//
පෙති ගිලිහී - පරවෙනකොට
හිතට හරි දුකයි - හිතට හරි දුකයි

දේදුන්නේ පාට ගොඩයි...

සඳ හිනැහෙයි - තරු දිලිසෙයි
එළිය පමුණුවයි
නිල් අහසයි - මහ පොළොවයි
එකට යා කරයි//
සඳ ගිලුණම - තරු නිවුණම
හිතට හරි දුකයි - හිතට හරි දුකයි

දේදුන්නේ පාට ගොඩයි...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link