Sal Sapuna

සල් සපු නා - නිල් මහනෙල්.
කුමුදු සමන් - මල් අතරේ.//
කිඩාරම් මලේ පවා.සුවඳ දිග හැරේ.
කිඩාරම් මලේ පවා.සුවඳ දිග හැරේ.

පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා.
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා.
වැලිතලේ - සැඟවිලා - රුවන් හැදෙනවා.
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා.

සල් සපු නා - නිල් මහනෙල්.

වීණාවෙන් බිළිඳු තතින් මිහිරි ස්වර වැයේ.
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ.
කළු වළා - වල පවා - රිදී ඉරි තියේ.
කිමද මේ නියදහම් අමතක ව ගියේ.

සල් සපු නා - නිල් මහනෙල්.

ගායනය: එච්. ආර්. ජෝතිපාල
පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: සරත් දසනායක



Credits
Writer(s): Sarath Dassanayake, Karunarathna Abeysekare
Lyrics powered by www.musixmatch.com

Link