Kap Suwahas Kal

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .
අනන්ත බාධක දුක් පීඩා විඳ . .
භවෙන් භවය යන මං සළකුණු දැක . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .
සත් සමුදුරු තරණය කර ආවා . .
සත්කුළු පව් අතරින් දිව ආවා . .
තරු එළියෙන් පියවර මැන ආවා . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ . .
මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ . .
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ . . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .
පද රචනය - රත්න හෙක්ටර් දිසානායක.
සංගීතය - ජයතිස්ස අලහකෝන්.



Credits
Lyrics powered by www.musixmatch.com

Link