Pemwathun Sinase

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ

මා තුරුලේ හිඳිනා
උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා
මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම්
සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක්
කොයිබද මියුලැසියේ

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ

මල හිරු බැස යද්දී
සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා
හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා
යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා
මුව විකසිත වේදෝ

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ



Credits
Writer(s): Nihal Gamhewa, Prince Udaya Priyantha
Lyrics powered by www.musixmatch.com

Link