Alaye Gatha

ආලයේ ගාථා සජ්ඣායනා කළා
ආලයේ මන්ත්ර සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා

ස්නේහයේ චුම්බනය නළල මත වගුරුවා
ආලිංගනය සුරස මතක පොත පුරව්වා
ප්රේම ආරාමයේ කැණි මඬළ බිම හෙළා
සාර තර වසන්තය නිමා කර ඔබ ගියා

සුපුෂ්පිත හදවතේ සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ සෙබළ මුළු විසුරුවා
ප්රේමයේ අභය භුමියේ දී මා නසා
මධුර මධු කුසලාන කඩා බිඳ ඔබ ගියා

ආලයේ ගාථා සජ්ඣායනා කළා
ආලයේ මන්ත්ර සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා



Credits
Lyrics powered by www.musixmatch.com

Link