Ran Kenden Banda

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි

කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල වදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි

කනාටූ සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link