Ansathu Wee Etha

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ

කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැගවී ඉන්න එපා
සිතුනේ නම් යලි මාවෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ

යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේනම්
දෙතොලින් කීවද රුධිරයෙන් ලීවද
පල නැත සිත යලි නොබැඳී නම්

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ



Credits
Writer(s): K.d.k. Dharmawardhane, Stanely Pieris
Lyrics powered by www.musixmatch.com

Link