Bimbarak

බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ

යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ
මාළිගාවදෝ

ට්රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලළුන
වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි

මිනී මල් පිපුන සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි
විලාපය නගයි

බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ

යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ
මාළිගාවදෝ

කැළෑ මල්පිපී රතු තොල් වලින් කෑගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි

වෑකන්ද කඩා බිම්කටු කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්
කඩුව බිම දමව්

බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ

යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ
මාළිගාවදෝ



Credits
Writer(s): Rathna Sri Wijesinghe
Lyrics powered by www.musixmatch.com

Link