Ma Handana

මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
සිනාසුනේ ඇයි

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කදුලු නේද
මලක මෙලෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි
ගලක් කලේ ඇයි

මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
සිනාසුනේ ඇයි

සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙලූ අසරණ මට
සතුරු වුනේ ඇයි
සතුරු වුනේ ඇයි

මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
සිනාසුනේ ඇයි



Credits
Lyrics powered by www.musixmatch.com

Link