Pem Lowadee

පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ
යෞවනයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ

මිදි යුෂ යැයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ
යෞවනයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ

මිරිඟුව දැක හිනැහී පිපාසෙක
දිය සෙව්වේ ඇයි මා
නෙතු සර පහර වැඩී විකල් වී
දිවි පිදුවේ ඇයි මා

පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ
යෞවනයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link