Sandawe Ranwala

සැන්දෑවේ රන් වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා

සැන්දෑවේ රන් වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා
INSTRUMENTAL

හඳුනන්න බැරි වෙන්න සෙවනක් යටින්
ඔබ ඉන්නේ කවුරුන්ද එනකං ඉතින්
මේ රෑ ගෙවී නැවත හෙට වූ දිනේ
සැනසුම් සුසුම් ඒවි නම්

සැන්දෑවේ රන් වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා
INSTRUMENTAL

කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ
ගෙවන්නේ මෙසේ මහ රෑ මාවතේ
වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ
දෙවියන් කමා කළ මැනේ

සැන්දෑවේ රන් වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා

සැන්දෑවේ රන් වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link