Sansaaraye Nawathanaka

සංසාරේ එක නවාතැනක,දුක් කඳුළු නැවතිලා...
අලුත් කතාවක් ජීවිතේ,පිටු අතර ලියවිලා...
මාරුතේ කළඹමින්,විහඟුන් පිබිදිලා,
නිදහසේ ඉගිළ යයි,ජීවිතේ පෙරලිලා...

සංසාරේ එක නවාතැනක,දුක් කඳුළු නැවතිලා...

සෝසුසුම් කඳුළු වෙන්,කොහේදෝ සැඟවිලා...
නැවුම් සුවඳක් හමයි,වසන්තය එළඹිලා
ජය ගොසින්, හඬ නගයි,ජීවිතේ පෙරලිලා(පෙරලිලා)

හා...

රිදුම් දෙන මතකයන්,ඇසිල්ලෙන් ගිලිහිලා...
ගහ කොළද ආයෙමත්,පලබරින් හැඩවෙලා...
ජය ගොසින්,හඬ නගයි
ජීවිතේ පෙරලිලා(පෙරලිලා)

සංසාරේ එක නවාතැනක,දුක් කඳුළු නැවතිලා...
අලුත් කතාවක් ජීවිතේ,පිටු අතර ලියවිලා...
මාරුතේ කළඹමින්,විහඟුන් පිබිදිලා,
නිදහසේ ඉගිළ යයි,ජීවිතේ පෙරලිලා



Credits
Lyrics powered by www.musixmatch.com

Link