Kadamandiye

කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී.

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා.

සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි.



Credits
Writer(s): H M Jayawardena
Lyrics powered by www.musixmatch.com

Link