Dedunu Paya

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ

දෑසට දෑසක් හමුවුනු දවසේ
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ
සිතිවිලි දහසක් එක්තැන් වූයේ
පැතුම් ලොවට මගේ ඇයි ඔබ ආවේ

මා කැඳවන ගොලු ඉඟියක් දැනුනා
ආදර විමනේ රන් දොර ඇරුණා
පොපියන හදකින් ආශා හිතුණා
පිටුපා යන්නට බැරි බව හැඟුණා

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ

උල්පත් හැදුනේ සිහිල උනන්නයි
මල් කෙමි මැවුනේ රොන් වෑහෙන්නයි
මී වද බැඳුනේ පැණි සුරකින්නයි
හද මැවුනේ ආදරය කරන්නයි

මල්බර තුරු අතු සෙවණ සදනවා
කුරුලු ගීත ආසිරි ගී වෙනවා
තනිවම ගිය මග ඔබ හා යනවා
පෙමට ඇරුණු හද ඔබට පුදනවා

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link