Muwarada Sindune

මුවරද සිඳුනේ රත්සර ලවනේ.
බිඟු නැත යලි ආවේ...
සත්සර නිම වී අනුරාගියේ
සුසුමකි මතු වූයේ ...

හිරු හා පෙම් බැඳි යොවුන් කුමාරී
දැක ඇයි සඳු හැඬුවේ
ගිලිහුණු රුව ගෙන සීතල රළ පෙළ
කොයි දෙස දෝ ඇදුනේ ...

හෙට දින අරුණලු දියමත විසිරී
මල් පුබුදන මොහොතේ ...
පෙරදා රසඳුන වූ රුව සිහි වී
කවුරුද වැළපෙන්නේ ...



Credits
Writer(s): Dayasena Gunasinghe, Gunadasa Kapuge
Lyrics powered by www.musixmatch.com

Link