Athugala Wehera (Cover)

ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ළිහිනි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ළිහිනි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං

රන්තාලිය වැව ලඟ
උන් කාලය මතකද
අතීත මතක අරන්
නුඹ ගිය දුරක තරම

වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරං

ඇතුගල කන්ද තවම
සඳ සිප ගන්න තරම
දැක දැක ඉන්න බැරුව
මගෙ හිත ගිනි වැදුනම

කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරං

ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ළිහිනි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ළිහිනි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං



Credits
Writer(s): Thisal De Silva
Lyrics powered by www.musixmatch.com

Link