Robarosian

නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්

ගිහින් අහපං
අහසින් සෙංකඩ
ප්රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට
ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං

අඳුරු ලාගෙන
වහිනකොට වැහි
සිත් ඉමට පාලුව අරන්
රැගෙන උණුහුම
වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං

නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්



Credits
Writer(s): Tharindu Damsara
Lyrics powered by www.musixmatch.com

Link