Sithak Bindunu Pasu

සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතින් තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතින් තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

බිඳෙන බඳුන් සේ සුරකිනු බැරිනම්
විශ්වාසය සැමදා
බිඳෙන බඳුන් සේ සුරකිනු බැරිනම්
විශ්වාසය සැමදා
සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා

සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතින් තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

ඔබ මට, මට ඔබ තේරුම් ගන්නට නොහැකි නම් කිසිදා
ඔබ මට, මට ඔබ තේරුම් ගන්නට නොහැකි නම් කිසිදා
මගෙම අඳුරු ලොව තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙන දා

සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතින් තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

සිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතින් තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link