Ahasa Se Oba

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි
ඔබ අනන්තයි

වෙන තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි
ඔබ අනන්තයි (අනන්තයි)

අඩසඳක් සැඟවෙන තැනක් ඔබ
රළපෙලක් පෙරලෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙනදෙන තැනක් ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි
ඔබ අනන්තයි (අනන්තයි, අනන්තයි)



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link