Caligynephobia

ආ...
(කන හරහා මොලයට)
හීනෙන් මම ඔබ හා එක්වෙමි
ඈත ලෝකෙදි ආයේ වෙන් වෙමි
මම තරුණයි ඒත් මගෙ හිත මහලුයි
අත ගන්නට ඔබෙ මගෙ හිත චකිතයි
ගන්න හිතෙනවා ඒත් මගෙ හිත බයයි
ආදරෙන් මට ඉන්න වන වගයි
ඔය ලස්සන හිනාව ඕනෙ මට දැන්
ඇලුම් වෙන්නට බය මගෙ හිත තුල දැන්
කවුරුත් කිව්වෙ නෑ
මම තාම දැන් ම කිව්වෙ නෑ
ඉන්නෙ මා...
අහසෙන් ආ...
ආ...
(කන හරහා මොලයට)
ආ...
තව වරක් නෙවෙයි දෙවරක් කිව්වත් මේක නෙවෙයි අන්තිම වතාව
ඇස්වලින් අල්ලන් ඈව ලිව්වා මං කවි වලින් මගෙ කතාව
ඈ හිනාවෙන ලතාව ඇගෙ ගමන විලාසිතාව
තාවකාලිකව ගොලු කලා පදවැල් මං ලඟින් තියන් හිටි ගොතාන
ඇස් දිහා කෙලින් බලන්න බෑ හිත හිරි වැටෙනවා නිතර
ඈ ලඟින් ඉද්දි මට ගලපගන්න බෑ භාෂාවෙ මදි වචන
දැන් දැක්කා ඈව මං ඇස් කොනින් ඩොලර් පවුම් මැද්දේ ඈ Bitcoin
Pass කරන් යන්න හැකි වෙයිද මට Caligynephobia වෙ Checkpoint
ඉන්නම් හිතින් මං මැරි මැරි චාටර් වෙන්න තමයි ඉතින් මට බැරි
ඇගෙ රූපකාරයට සම වැදි බලන් ඉන්නම් මම ලතැවෙවී
මගෙ 4K හීනවල details මම දුර්වලම විෂය females
හිතේ සැරිසරන වචන වලින් මං ලියන්නම් එයාට E-mails
මම හාමතේ පිපාසයෙන් ඉන්නා විට හමුවුණා වගේ Ice Cream Scoop එකක්
ඈ මගේ මනසෙ නොනැවතී replay වෙන පැය 24 ක loop එකක්
ඇගෙ මතක ඇසුරෙන් සත්තයි මට ලිවහැකි කවියක් පොතක් එක්ක
නින්ද යන්නෙ නැතී වර්ණවත් හීනෙක පිළිසඳරක් මං හඳත් එක්ක
හීනෙන් මම ඔබ හා එක්වෙමි
ඈත ලෝකෙදි ආයේ වෙන් වෙමි
මම තරුණයි ඒත් මගෙ හිත මහලුයි
අත ගන්නට ඔබෙ මගෙ හිත චකිතයි
ගන්න හිතෙනවා ඒත් මගෙ හිත බයයි
ආදරෙන් මට ඉන්න වන වගයි
ඔය ලස්සන හිනාව ඕනෙ මට දැන්
ඇලුම් වෙන්නට බය මගෙ හිත තුල දැන්
ජීවිතේ නැමැති කැන්වස් රෙද්දේ ඈ වෙලා වර්ණවත් සිත්තමක්
ඇගෙ වචන පාට නූල් එක්ක එකින් එක ඇමිනිලා එන ගෙත්තමක්
මවන්න ආසයි ඈව ගේන හැටි ඇගෙ ඇස් වලින් මාව පේන හැටි
සැනසෙන්න ආසයි ඈ ළඟට ම වෙලා ඇගෙ හසරැලි වල වැදි වැදි
තව වැඩි වෙනවා හදේ ගැස්ම ඇගේ ඇස්ම තමයි හේතුව
දිලිසෙන තරු අස්සෙන් දැක්කා වගෙ හේලිගේ ධූමකේතුව
හීන අතරින් මම ඈ හා එක්වෙමි ඈ වෙලා මගෙ ප්රාණය
ඈව නිර්මාණය කරපු දවසෙ දෙවියනුත් හොයාගන්න ඇති නිර්වාණය
කවුරුත් කිව්වෙ නෑ
මම තාම දැන් ම කිව්වෙ නෑ
ඉන්නෙ මා...
අහසෙන් ආ...
ආ...
තව...



Credits
Writer(s): Rayviyan Driyon
Lyrics powered by www.musixmatch.com

Link