Sudu Kelle

සුදූ කෙල්ලේ ඔයා හරිම ලස්සනයි
මුහුණ ප්රියකරුයි දෙනෙත් ප්රියංකරුයි
සුදූ කෙල්ලේ ඔයා හරිම ලස්සනයි
මුහුණ ප්රියකරුයි දෙනෙත් ප්රියංකරුයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිනියක් වගේ කතා කරයි

හා හා එපා
ඔයා කැතයි කියා සිතන්නෙපා
හා හා එපා
අනුන්ගේ බොරු වදන් අසා තැවෙන්නෙපා
පුන් සඳ පෑව්වයි වාගේ ඔයා හරි රුවයි
පුන් සඳ පෑව්වයි වාගේ ඔයා හරි රුවයි
මුව කමල රුවයි හරි රුවයි

සුදූ කෙල්ලේ ඔයා හරිම ලස්සනයි
මුහුණ ප්රියකරුයි දෙනෙත් ප්රියංකරුයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිනියක් වගේ කතා කරයි

ඕ හෝ සුදෝ
තරුණ නෙත් පිනන්නේ ඔබ සුදෝ
ඕ හෝ සුදෝ
ආදරෙන් බලන්නේ ඔබේ රුව සුදෝ
කෝපි මල පරාදයි ඔබේ රුව බලාලයි
කෝපි මල පරාදයි ඔබේ රුව බලාලයි
සුකුමලයි ඔබ සුකුමලයි

සුදූ කෙල්ලේ ඔයා හරිම ලස්සනයි
මුහුණ ප්රියකරුයි දෙනෙත් ප්රියංකරුයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිනියක් වගේ කතා කරයි

නෑ නෑ නැතේ
ඔබේ රුව තරම් රුවක් නැතේ
නෑ නෑ නැතේ
පිරුන කළයේ ජලය සැලෙන්නේ නැතේ
ඉදුණු ජම්බු ගෙඩියයි සැලෙන නා දළුවයි
ඉදුණු ජම්බු ගෙඩියයි සැලෙන නා දළුවයි
ඊට වැඩිය ඔයා හරි රුවයි

සුදූ කෙල්ලේ ඔයා හරිම ලස්සනයි
මුහුණ ප්රියකරුයි දෙනෙත් ප්රියංකරුයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිනියක් වගේ කතා කරයි



Credits
Writer(s): M.s. Fernando
Lyrics powered by www.musixmatch.com

Link