Sewanali

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා

තනිකර මම තනිවෙලා
මගෙ සිතුවිලි වලටම මම රැවටිලා
මගෙ ප්රශ්න කාට කියන්නඩ
වෙන්නෙ ලියන්නඩ
කඩදාසි කොල මිටි මදි වෙලා
පසුතැවිලි මතක නොමකෙන දෙවල්
නොපෙනෙ මානෙ හිරවෙලා, මග නැවතිලා
ගිනි ගන්න මනසට හෙතුව හදවත
මෙල්ල කරගන්න බැරි තැන ගලවලා වීසි කලා
යාන්තමට දුර දිනුම පෙනකොට
කාන්සියට මග නැවතිලි නැ
මම ආන්තිකව මැන බලන්නෙ
හැමදෙම මාන්සිකව දුර්වල නැ
සරලව හැමදාම වාසනාව නැ
ලැබෙන්නේ නරක දවස් වෙන්නෙ කරුමෙ හරස්
අදා මාව දාලා යාවි ඈ මගෙම වැරදි කියන් අඩු පාඩු හොයන්
මම පෙරළි පෙරළි ඇඩුවදෝ
නෑ මාව දාලා යනවානම් දොර ඕපන්
මමනේ ගහන්නේ ගේම එක මට නොර්මල්
ලැබෙන්නේ මටනේ පෙර කල දේවල්
මිනිස්සු බලන්නේ අම්මා විකුණලා
හරි සල්ලි හොයන්න නෙවේද
පැටලී පැටලී වගේ නූල් බොලේ
සුන්දරම නෑනේ ජීවිතේ කියන තරමටම
අපිනේ දන්නේ අපි ගහන රෝල
එක වාගේ පිළිගන්න බැරි
ගොඩක් දේවල් ඇස් පනා පිටම වෙද්දී
මාව තනිවෙද්දී මිනිස්සු ගැන
කියන්ඩ පුළුවන් ඇබරෙද්දී
තමන්ට කෙලවෙද්දී පළාතක බල්ලෙක්වත් නෑ
හිටපු යාළුවො අදුරන්නත් බෑ
පිලිගනින් එක තමා ඇත්ත මවාගෙන
බඩගින්න නිසා කන කට්ට සිරාවට

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා
ආයේ උණුසුම විඳි උරුම තනිකම
මා ආයේ නොඑනට සැලී
මග අතරින් ආයේ ආයේ මා

දෙවැනි වතාවේ තිබ්බ උණ්ඩ පුස්
තුන්වැනි වතාවේ ගන්ඩ පුලුවන්ද පළි
නොදැන කරනවද වැරැදී
තව තව මගේ දිවිය තුලම අදිනවා බලි
මම ඉන්නේ ළිඳ පතුලේ වැටිලා
ගණ අදුරේ හැදිලා උන හිත මමද හරි
මම නෙවෙයි හරි මම කපාගෙන
මගේ වල වැටීලම පෙනෙනවා කියවන නරි
අපි යන්නේ තනි පාරක දෙපස පිරිලා මාරක
තනියෙම හදාගෙන යන මාවත
කටු පදුරු මතින් දිනුමම ගාවට
අවසර රතු පාවඩ
ස්තුති කතාව කරන්නට අවසරද මා හට
අමතක මට කාවද
හැමදෙනා සිත ගැබුරෙ රැදිලා රතු පාටට
ඉර ගාවට යන්නම මවන හීන පිච්චිලා අලුවෙලා
හැමදාම කන කටු වල බරට
තව නැවිලා පැවිලා රිදිලා
දැන් තුනටිය ඇදවෙලා
මැලවිලා මූණ කලුවෙලා
සිනුදු අත් මගේ අද රළු වෙලා
ඔලුව රිදෙන තැන ගලවලා
අතට ගෙන හරි කරනවා වැඩ මම නැහැ නැවතිලා
දුකට ඇස් වෙනවා රතු
මට නොලැබූන දේවල් ගැන දුක නැතිලු
නිදහස් මට ලැබුනා තට්රු
තටු වලට ගහලා කටු වැටකඩුලු
කතාවේ වීරයා මැරෙන්නේ නෑ ලේසියෙන්
හතුරා කෙතරම් උනත් දරුණු
කිසිම දෙයක් ලැබෙන්නේ නෑ ලේසියෙන්
මහන්සියේ ප්රථිපල නැතිලු



Credits
Writer(s): Jayan Maduranga
Lyrics powered by www.musixmatch.com

Link