Sulan Kapolle

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩි බිදී වැටෙයි
නිල් කඳු රැල්ලේ

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩි බිදී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩි බිදී වැටෙයි
නිල් කඳු රැල්ලේ

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලෙ
කඳුළු පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැඟුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩි බිදී වැටෙයි
නිල් කඳු රැල්ලේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link