Viduli Pahan Mada

විදුලි පහන් මැද නෙත ගිනිකණ වැටුනූ
එක නෙත් සැරයක පහසින්
දකින සිහින ඔබ පමණක් සැරිසැරුවා
හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී

දෙහදක ඉපදුනු ගොළුවත සුරැකී
හදවත තෙරපී රහසේ මෙතරම්
මට ඉවසනු බෑ සිත තුටු කරවන
වෙනත් පෙමක් නෑ

දෙනයන ගැටුනු දින සිත රැඳුනි
දයාවෙනි සම්මත නොවුනත්
ඉවත බලනු බෑ
වෙන බවයකවත්
හමු වෙමු සිතුනි

විදුලි පහන් මැද නෙත ගිනිකණ වැටුනූ
එක නෙත් සැරයක පහසින්
දකින සිහින ඔබ පමණක් සැරිසැරුවා
හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී
හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී



Credits
Writer(s): Chamika Sirimanna
Lyrics powered by www.musixmatch.com

Link