Nurvi - Acoustic Version

හිම කැටයක මිදුණු සීතල නුඹයි ලඳේ
කඳු මුදුනක වැසුණු මීදුම නුඹයි ලඳේ
ගුගුරන නිල් අහසේ වඳින ගිනිදැල් වගේ
නුඹ නැති හද පත්ලේ තැවුල් වියැවුල් ඇවිලේ

කොපුල් රූරා කඳුලු වැටුණා
පිපුණු සියපත් පෙති ගිලිහුණා
සහස් පැතුමන් බිඳ විසිරුණා
විඩාබර ලොව මා තනිවුණා

ගඟන මත රැඳි සඳය නුඹ මට
වන අරණේ පිපි කොඳමලයි නුඹ
තෙත නොමැති මගේ පපු කුහර තුළ සෙනෙහේ ඇතිරූවේ
නුඹයි මගේ ලඳුනේ

හද වෙහෙසනා අරුම හැඟුමන්
මවාලයි නෙත කඳුලු කැටයම්
දවාලන මේ ස්නේහ සිත්තම් මිරිඟුවකි ලඳුනේ
විඳිමි මා රහසේ



Credits
Writer(s): Ashika Ayodya
Lyrics powered by www.musixmatch.com

Link