Mage Sith Mala (feat. Kalpana Kavindi)

මගේ සිත් මල තලන
ඇයට නොදැනෙන සෙනෙහේ
ආදරෙන් මා සිත් මල
සිඹින නුඹ හට දැනේ

මගේ සිත් මල නිතර
රිදවනා ඔහු ලඟට
නුඹ තරම් ලෙංගතුව
මගේ හදවත නොයේ
මගේ හදවත නොයේ

වේදනාවෙන් පෙළෙන
ගිලන් වූ මා සිතට
අමාමහ ඔසුවක්ව
විය නුඹේ පෙම් කුසුම

දිවා රෑ හූල්ලන
මගේ හැඟුමන් වලට
ඉගිල්ලෙන්නට සිහිනයෙන්
තටු ගෙනාවේ නුඹය

අමාවක ජීවිතය
තවත් ඝන කළුවරින්
වැසී යාමට නොදී
නුඹ පැමිණ ඒ ලෙසින්

මටත් නොදැනී දිනෙක
මගේ සෙනෙහේ විජිතයෙන්
යනවා ද නුඹ සොඳුර
සෙනෙහේ තහනම් බැවින්



Credits
Writer(s): Luckshan Wattuhewa
Lyrics powered by www.musixmatch.com

Link