Edithara Hithin

එඩිතර හිතින්
රුපු බාධක බිඳලමින්
ස්මාරක තැනූ
මනුසත් මෙහෙයුම කොනින්
පෙවූ කිරේ
මවු නමින්
රෑ දිවා යුධ වැදී
නෑ බෙදී, දෑ බැඳී, ඈ රකී,
සිංහයෝ

පීරා සිවු කොනේ
නොතකා දිවි නුඹේ
ප්රාණේ මුදවනා
හිත එක අරමුණේ
රැව්පිලි දිදී නෙක පියවරුන්
මව්වරුන් හඬනා
ඒ හඬ ඇසී
හිනැහුනා නොමිනිසුන්
නෑ බෙදී, දෑ බැඳී, ඈ රකී,
සිංහයෝ

පේවී එක හිතින්
සුව කරනා අදිටනින්
නේනා දේවිවරුන්
නුඹ හැර රන් සෙන්පතින්
කඳුලැල් සිදී සිනහා මැවී
හිරු නැගී අහසේ
යදමෙන් මිදී පිබිදෙමු
නෑ බෙදී, දෑ බැඳී, ඈ රකී,
සිංහයෝ

එඩිතර හිතින්
රුපු බාධක බිඳලමින්
ස්මාරක තැනූ
මනුසත් මෙහෙයුම කොනින්
පෙවූ කිරේ
මවු නමින්
රෑ දිවා යුධ වැදී
නෑ බෙදී, දෑ බැඳී, ඈ රකී,
සිංහයෝ



Credits
Writer(s): Kasun Wickramasinghe
Lyrics powered by www.musixmatch.com

Link