Kalbala Pipuna

කල්බලා පිපුණා
පුංචි තරුවක්
සඳ ළඟින් අහසේ
ඒ තාරකා මල සඳක් වී
ඔබේ දෑසේ
රැඳෙයි අද දවසේ
රැඳෙයි අද දවසේ

ඉගිලිලා සමනල් හැඟුම්
අරුණ ගෙනඑයි නව පැතුම්
අවදි වී නොපියූ නෙතින්
සෙනෙහසේ මාවත සොයන්
මල් සිනා වැට පීදිලා
රොන් පිරී සුපහන් වෙලා
තුන් සිතින් හිනැහී බලන්
මං ඔබේ ලොව රජවෙලා
කල්බලා පිපුණා
පුංචි තරුවක්
සඳ ළඟින් අහසේ
ඒ තාරකා මල සඳක් වී
ඔබේ දෑසේ
රැඳෙයි අද දවසේ
රැඳෙයි අද දවසේ

සිව්දිසා කිලි සෝදමින්
එයි ගලා නොපහන් දසුන්
නෑසුනා නොදුටූ ලෙසින්
මුදු සරින් කව් ගී ගයන්
ඔබ නෙතේ ආලෝකයෙන්
දිනූ ලොව විමසා බලන්
ගෙවා ආ මග ඔබ රැඳී
මහා නුගතුර පේන මෙන්
කල්බලා පිපුණා
පුංචි තරුවක්
සඳ ළඟින් අහසේ
ඒ තාරකා මල සඳක් වී
ඔබේ දෑසේ
රැඳෙයි අද දවසේ
රැඳෙයි අද දවසේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link