Kaviya Oba (feat. Deepika Priyadarshani)

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මං අසරණව උන්නා
යෞවනේ...
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඩුවා

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ

හොර ඇහින් ඉගි කරලා
සද මගෙන් සමු ගත්තා
කවිපොතම පොඩි කරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ...
අත ලහින් හිදිනා මොහොතක
දුර ඈත බව දැනුනා

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link