Himakandu Diyawei (feat. Karunarathne Diwulgane)

හිම කඳු දිය වෙයි
හේමන්තය අවසන්
හිම සේ සිහිලැල්
ඔබේ පේමයත්
දියවී දියවී යන ඉක්මන්

මැලවුණු ගහ වැල කදුළැලි ඉවසා
මැලවුණු ගහ වැල කදුළැලි ඉවසා
නව දළු මල් ගෙන
වසන්තයට හිනැහෙයි

ඔබේ සුවද රැදී
වසන්ත මදනල
ඔබේ සුවද රැදී
වසන්ත මදනල
රහසින් කොදුරා
මා සිත ගිනි අවුලයි

හිම කඳු දිය වෙයි
හේමන්තය අවසන්
හිම සේ සිහිලැල්
ඔබේ පේමයත්
දියවී දියවී යන ඉක්මන්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link