Kolompure Numba Inna Isawwe

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලු
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලු
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

වෙල් එළියේ වෑකන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලු
මගෙ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලු

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link