Mal Suwada

මා මල් සුවඳින් මත් වීලා
මගේ දෑසම අඩවන් වීලා
මට සිහිවෙයි ඇගේ සේයා
මා සුර ලෝකෙක තනි වීලා

සුදු කෙල්ලේ මා නුඹේ මල් කුමරා
ලා රතු සමනලයා රොන් උරනවා
සැනසිල්ලේ අහසේ පාවීලා
නුඹ ලඟට වීලා සුසුම් හෙලනවා

විකසිත මලකට පෙම් කල වරදට
නීතිය එරෙහි මේ අපේ ආදරයට
හැම තැන පේන්නේ වාද විවාද
මම ඉන්නේ පාඩුවේ ඒවා බලාන

නුඹ ගැන සිත සිත ගියා අනන්තේ
දැන් මගේ ඇස් පිය උනා කලු කලන්තේ
මිහිමත සිතුවිලි ප්රචලිත ගී සැමරුම
කෙල්ලේ නුඹටයි යහනට මෙ ඇරයුම

අහිංසකයි සිත මගේ සොඳුරිය
සුරඟන ලොව මා සනසපු මිතුරිය
මේ මොහොතේදී සඳ මත තරණය
සතුටුයි මට ලැබුනත් හෙට මරණය

අද පාවී මා ඉන්නේ
මගේ ඇස් අද රතු වෙන්නේ
මායාවක පැටලෙන්නේ
ඔය රුව මට සිහි වෙන්නේ

Life is short
Forget your problems
Be happy
And live your life
Because you are never know
If there will be
Another
Tomorrow

මා මල් සුවඳින් මත් වීලා
මගේ දෑසම අඩවන් වීලා
මට සිහිවෙයි ඇගේ සේයා
මා සුර ලෝකෙක තනි වීලා

සුදු කෙල්ලේ මා නුඹේ මල් කුමරා
ලා රතු සමනලයා රොන් උරනවා
සැනසිල්ලේ අහසේ පාවීලා
නුඹ ලඟට වීලා සුසුම් හෙලනවා

රෑ වෙන්න එලි වෙන්න මම ඉන්නේ රොකට් එකේ
එනවද මාත් එක්ක කෙල්ලේ යන්න හඳ වටේ
පිපුනට මගේ වත්තේ පැණි නැත්තන් නුඹේ වත්තේ
යන්න වෙන්නේ මට කෙල්ලේ තවත් අලුත් මලක් පස්සේ
එච්චර මෙච්චර කිව්වට ආදරේ මනින්න බෑ
තප්පරේ විස්තරේ කිව්වට හිත හදන්න බෑ
කව්රු මොනවා කිව්වත් මේක නවත්තන්න බෑ
කෙල්ලේ සැපේ ඉන්නේ රැපේ ඉන්නේ අතාරින්න බෑ මේක

කෙල්ලේ දෙන්න ආදරේ වගේ මේක සාගරේ
සැපේ ඉන්න ආසයි කෙල්ලේ ඔයත් එක්ක පාඩුවේ
මේක මගේ හීනෙනේ රොකට් එක වාහනේ
හඳ වටේ යන්න ජැකට් අරන් වරෙන් සීතලේ

හැමදාම පාවී පාවී SLOMO
මල් සුවඳට මත්ව මං මෙහි ආවෝ
සිතුවිලි සමුදුරේ කුමරෙකු ගාවා
කෙල්ලේ නුඹ පිනවන්න මල් කුමරා ආවා

මා මල් සුවඳින් මත් වීලා
මගේ දෑසම අඩවන් වීලා
මට සිහිවෙයි ඇගේ සේයා
මා සුර ලෝකෙක තනි වීලා

සුදු කෙල්ලේ මා නුඹේ මල් කුමරා
ලා රතු සමනලයා රොන් උරනවා
සැනසිල්ලේ අහසේ පාවීලා
නුඹ ලඟට වීලා සුසුම් හෙලනවා



Credits
Writer(s): Vinosh Perera
Lyrics powered by www.musixmatch.com

Link