Payala Sanda

පායලා සඳ ගුවන් ගැබේ
ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී
ආදරේ මුමුණයි

ඇයිද පුන්සඳ පමාවෙලා
තරු හා වියෝවෙලා
මගේ වරදට සමාවෙලා
එන්න සිනහාවෙලා

දිලෙයි පුන් සඳ රුවන් මලී
තරු හා රුවින් වෙලී
කැලේ මලකට ප්රේමෙන් වෙලී
සඳේ දිලී දිලී

ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ
බයවෙලා වාගේ
කවුද ඔබ ළඟ මමයි ඔබේ
ආදරේ මාගේ

පායලා සඳ ගුවන් ගැබේ
ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී
ආදරේ මුමුණයි

ඇයිද පුන්සඳ පමාවෙලා
තරු හා වියෝවෙලා
මගේ වරදට සමාවෙලා
එන්න සිනහාවෙලා

කවුද ඔබ මා සවන් ගැබේ
සැඟවෙලා වාගේ
ඔව්, ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ
බය වෙලා වාගේ

කොහෙද කොයිබද දයාවියේ
මා දා ඔයා ගියේ
කවුද කොහේද කොහේ ගියේ
පුන්සඳ කුමාරියේ

පායලා සඳ ගුවන් ගැබේ
ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී
ආදරේ මුමුණයි

ඇයිද පුන්සඳ පමා වෙලා
තරු හා වියෝ වෙලා
මගේ වරදට සමා වෙලා
එන්න සිනහා වෙලා



Credits
Writer(s): Dhanapala Udawatta
Lyrics powered by www.musixmatch.com

Link