Kuweni / Radhawani / Naadagam Geeya

නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්

මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා
තුරුලු වෙලා මුව සිප ගන්නම් මා
නුරාගිනියේ නේක අනන්ත වු
ගී ස්වර ගයන්නම්

දමා කඩුක්කන් ඔටුනු නලල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
දමා කඩුක්කන් ඔටුනු නලල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
බලාහිඳින අඟනුන්
සත්තයි ආලේ බදියි රහසින්
ආ... බලාහිඳින අඟනුන්
ආලේ බදියි රහසින්

හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්

දිරි දුන් නුඹේ ආලේ නිසා
බොහෝ විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමී මෙමා

වියූ සළුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා



Credits
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage, Atapattu Suvindu
Lyrics powered by www.musixmatch.com

Link