Nihada Welapuma

නුඹ මගෙත් නොවුණු
මම නුඹෙත් නොවුණු
අපි අපෙත් නොවුණු
එක දිනක් ගෙවුණු

සඳ තරුත් ඉකි ගසා හඬා හඬා වැටුණු
නුඹෙ සුසුම් පොදක් මගේ හදේ ඇමිණු
එක කඳුළු බිඳකින් තෙමී තෙමී බොඳවූ
මේ නිහඬ වැලපුමයි අපේ සොඳුරු

අපි මතක ගිනි තියා හඬා හඬා වැටුණු
හද සොහොන්කොතේ රන් හුයෙන් බැඳුණු
එක තවත් කතාවක අරුත මැකුණු
අපි අපෙත් නොවී තව දිනක් ගෙවුණු

නුඹ මගෙත් නොවුණු
මම නුඹෙත් නොවුණු
අපි අපෙත් නොවුණු
එක දිනක් ගෙවුණු



Credits
Writer(s): Nadeepa Ranasinghe
Lyrics powered by www.musixmatch.com

Link