Kalu Sudu!

කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු
කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු

කලුවෙත් සුදු සුදුවෙත් කලු
ඔය කාගෙ උනත් ජීවිත කලු සුදු
කලුවෙත් සුදු සුදුවෙත් කලු
බොරු නාටක මොකටද අපි කලු සුදු

කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු
කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු

කලුවර අතරින් සුදු පිරුවට මුන් පායන්නේ
එලොවත් මෙලොවත් වෙනසක් නෑ මුන්ගෙන් පෙනෙන්නේ
තමුනුත් නොදැනයි බියකරු කලුවරෙ පාවෙන්නේ
දැනගෙන ගියොතින් නෑ කවදාවත් හිත පෑරෙන්නේ
මට නම් තවමත් නෑ මේ ලෝකය තේරෙන්නේ
කවදා කොතැනද මෙහි සාධාරණෙ රජයන්නේ
කඳුළෙන් කඳුළට වෙනසක් නෑ මම නම් තව දන්නේ
නෑ මං දන්නේ නෑ මං දන්නේ
කඳුළෙන් කඳුළට වෙනසක් නෑ මම නම් තව දන්නේ
නෑ මං දන්නේ නෑ මං දන්නේ

කමකට නැති වංසෙම ගාලා හැඳි
තරමට නෙමෙ ඉදිමිලා තොපෙ මොලගෙඩි
තිරිසන් මැටි ගති බලං ඉන්ඩයි බැරි
බණ කිව්වට මදි උන්ට ඉන් පල නැති
හදවත පැලි පැලි දෙයි වදන් හරි ජොලි
පෙරලෙයි ඇට නැති දිව දැන් වැනි වැනි
අර නැටි කාලා හොදි පෙරලුවා සංස්කෘති
හංගලා කලු බෙටි පෙන්නුවා සුදු මිනි

කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු
කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු

කරණං උඩ කරණං බිම කරණං හෙන ආතල් නේ
තව තව එලිවෙනකොට කාගෙත් සැප මෝරන්නේ
බොරුවෙන් බොරුවට කොතනත් ඊතල යාවෙන්නේ
සුදුවට හිටියට නංගිගෙ සිල් රෙදි හෙම පාවෙන්නේ
නිලයට බලයට යටවීලයි කවුරුත් පෑගෙන්නේ
හරියට හිටියම ඔලුවටමයි සක්කිලි ගොඩවෙන්නේ
විසිතුරු මොනරුත් දහවැලි කලු සුදුමයි තෝරන්නේ
තෝරන්නේ තෝරන්නේ
විසිතුරු මොනරුත් දහවැලි කලු සුදුමයි තෝරන්නේ
තෝරන්නේ තෝරන්නේ

කලබල වැඩි ඔලුවෙම අපෙ ගිනි
මොකටද මෙහෙම දිවි කාලා වගෙ අපි ගුලිවෙලා
අපි ඈලි මෑලි වෙන්න ගන්න වැඩ ගුලි
එතකොට ගෙයි වලි පුපුරයි ගිනිකෙලි
නටමුද අපි බලි වහගෙන අපෙ විලි
බලමුද ආලෙ අලි කොටි දද පුල්ලි පුල්ලි
තව ඇති කතා නොබිඳෙන්නෙපා බොරු බුලි
වෙන්ඩෙපා ගඳ කෙලි කලු සුදු ලෝකෙ නරි

කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු
කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු

කලුවෙත් සුදු සුදුවෙත් කලු
ඔය කාගෙ උනත් ජීවිත කලු සුදු
කලුවෙත් සුදු සුදුවෙත් කලු
බොරු නාටක මොකටද අපි කලු සුදු

කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු
කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු

කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු
කලු සුදු කලු සුදු
අපෙ ජීවිත කලු සුදු



Credits
Writer(s): Chanuka Moragoda
Lyrics powered by www.musixmatch.com

Link