Pem Kathaawa

මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා
ඇයි මෙසේ කරුණු ඇසුවා
රතු කුඩා දෙනෙත් කඳුලැලින් පුරා
ඇය මගේ මුහුණ බැලුවා

මම දනිම් ප්රියේ ඔබෙ කතන්දරේ
ඔබෙ සිතේ හොඳඳ මේවා
ඔබෙ අළුත් පෙමේ හඬ මටත් ඇසේ
සිත දුකින් තැවී හැඬුනා

ඇගෙ සිතුම් පැතුම් මම හොඳින් දනිම්
ඇයි මෙසේ කියන්නේ ඈ
මට ඔබත් එකයි මගෙ පණත් එකයි
කිසි වෙනස් කමක් එහි නෑ
මගෙ සිතේ සුසුම් දුක නෙතින් හැලූ
කඳූලැලින් තෙමා නාවා
මට ඔබේ නොසෙල්වෙන වදන් ඇසී
සැනසුමේ සුසුම් ආවා

බොරුවට අඬලා සැලකුම් ලබලා
දැන් නෙතින් සිනාසෙනවා
බොරු නොවේ ප්රියේ ඔබ මෙසේ අඬා
ඔබෙ රුවත් මැකී යනවා
බොරු කතා අසා ඇය අඬන්නෙපා
මගෙ සිතත් දැවී යනවා
ඒ එදත් එදයි අදතුරා ඇගේ බොරු
ඇඬුම් නතර වූවා
ඒ එදත් එදයි අදතුරා ඇගේ බොරු
ඇඬුම් නතර වූවා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link