Nethra

නේත්රා රැලි හංග ගන්නට
ගැල්වූ සායම් දියර ඇත්නම්
කුසේ ගින්දර නිවන බත් පත
පිලුනු වී ළඟ තියෙනවා නම්

තුනට හතරට නැව්ව මගේ රුව
පසුම්බියේ තනි රකිනවානම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

පැළුනු දෙතොලග හිනා කඳුලක්
හොයාගන්නට බැරි නොවේ නම්
නාලාගිරි මත් වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්

දැනුණු නින්දා දුකම හින්දා
මැරුණු බව සිවිලිම කියයි නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

ගල්වලේ වැඩ කරපු දවසක
කැඩුනු සුළැඟිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්

මගදී අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්



Credits
Writer(s): Inconnu Compositeur Auteur, Abhisheka Wimalaweera
Lyrics powered by www.musixmatch.com

Link