Oba Atha Sandawe

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවුයේ
ඒ ඈත් බවිනි හද බඳුණේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ මා ලඟ ඉන්නා

මධු සඳ තරු අද හමු වීලා
සිටියද ඔබ මා ලං වීලා
ඒ දුරක එදා අප පිරිලා
තිබු සොඳුරු සෙනෙහේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ මා ලඟ ඉන්නම්



Credits
Writer(s): Buddhika Athauda
Lyrics powered by www.musixmatch.com

Link